රවී

රවී ආගිය අතක් නෑ

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇතැයි හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා. කෙසේවෙතත් පරීක්‍ෂණ කටයුතු ස්වාධීනව සිදුවන බව ඔහු කියාසිටි අතර කොතරම් කල් මෙලෙස සැඟවී සිටීමට හැකි දැයි හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙහිදී ප‍්‍රශ්න කළා.

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක සහ පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ නිවෙස් වෙත ඊයේ (08) දිනයේ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගොස් තිබුණද ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබුණේ නැහැ.

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක, පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් 09 දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නැයි කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය ඉකුත් සිකුරාදා වරෙන්තු නිකුත් කළා. ඒ, 2016 වසරේ සිදු වූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *