පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා යළි පෙබරවාරි 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඒ අද නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා අද (12) යලි නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණය හමුවට රැගෙන එනු ලැබුවේ ඔහුට එරෙහිව එල්ල වී ඇති අධිකරණ කටයුතු වලට මැදිහත්විමේ චෝදනාවට අදාල නඩු විභාගයට සහභාගී වීම සඳහායි.