දුරකතන හඩපට සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා අද (29) නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ මහතා නැවතත් පෙබරවාරි මස 12 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත්තේ.
අධිකරණ විනිසුරුවරුන්, අධිකරණ තෝල්ක නිලධාරියෙක් ඇතුළු විවිධ පාර්ශ්ව සමඟ කළ ආන්දෝලනාත්මක සංවාද ඇතුළත් හඬපට ප්රසිද්ධියට පත්විමත් සමග ඒ මහතා අත්අඩංගුව ගැණුනු අතර පසුගිය 15 වෙනිදා සිට අද (29) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහේස්ත්රාත්වරයා නියෝග කළේය.
ඒ අනුව අදාල නඩුව විභාගය සඳහා පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණයට අද ඉදිරිපත් කළේය.