පාඨලීගේ රියදුරුගෙන් රහස් ප්‍රකාශයක්

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරු සිද්ධිය සම්බන්ධව හිටපු පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ලේ සැකකරුවකු ලෙස නම් කර සිටින ඔහුගේ රියැදුරු දිලුම් තුසිත කුමාර නම් අය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. රියැදුරු දිලුම් තුසිත කුමාර නැමැත්තා මහේස්ත්‍රාත්වරිය හමුවේ රහස් ප්‍රකාශයක් සිදුකිරීම සඳහා පසුගිය 13 දා අවසර ඉල්ලා තිබුණි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දිලුම් තුසිත කුමාර නැමැති රියදුරු ඉකුත් දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදා හරිනු ලැබුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *