රන්ජන්ට සමාව දෙන්න – සජිත් ජනපතිගෙන් ඉල්ලයි

සිරදඬුවමකට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේන බව වාර්ථාවේ.

ඒ අනුව, අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් තමාට ලිඛිත අයදුමක් කරන ලෙස ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් දැනුම් දී ඇතැයි වාර්තා වේ.

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරදකරු වීම හේතුවෙන් සිව් වසරක සිරදඬුවමකට ලක්වූයේ ඉකුත් ජනවාරි මාසයේදීය.

ඒ අනුව, ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයද අහෝසිවිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව, අධිකරණයෙන් වරදකරුවකු වූ පුද්ගලයකුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීම සඳහා හැකියාව පවතී.

Leave a Reply

Your email address will not be published.