රන්ජන්

රන්ජන්ට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රන්ජන් රාමනායක මහතාට ඇප ලබාදෙන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා අද (26) නියෝග කළේය. ඒ අනුව ලක්ෂ 5 ක ශරීර ඇප 2 ක් මත ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයා විසින් නියම කෙරිණි.

අධිකරණ බලතල ක්‍රියාත්මක කිරිමේදී විනිසුරුවන් තිදෙනකුට බලපෑම් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (ඇ) (2) වගන්තිය යටතේ වරදක් සිදුකළැයි රාමනායක මහතාට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *