Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ජලාශ වල ජලමට්ටම් පහළ යාමත් සමග ජල විදුලි නිෂ්පාදනය 20% දක්වා පහතට

ජලාශ වල ජලමට්ටම් පහළ යාමත් සමග ජල විදුලි නිෂ්පාදනය 20% දක්වා පහතට

පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා අද (26) වනවිට ජල විදුලි නිෂ්පාදනය 20% දක්වා පහත වැටී තිබෙන අතර, තාප විදුලි බලාගාරවලින් ලබාගත් විදුලි ප්‍රමාණය 38% දක්වා ඉහළ ගොස් තිබේ.

සමස්ත විදුලි අවශ්‍යතාව දෛනිකව ගිගාවොට් පැය හතළිස් හයක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර, එම ප්‍රමාණයෙන් 20%ක් ජල විදුලියෙන් හා 40%ක් නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයෙන් ලබාගැනෙයි.

02%ක් සුළං හා සූර්ය කෝෂ මගින් ලබාගන්නා අතර, 38%ක් ඩීසල් දැවිතෙල් බලාගාරවලින් ලබාගන්නා බවද විදුලිබල මණ්ඩල සඳහන් කරයි.

ජලවිදුලි නිෂ්පාදන ජලාශවල ජල මට්ටම සැලකීමේදී මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම 55.4%ක්, කොත්මලේ ජලාශයේ ජල මට්ටම 46.1%ක්, වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම 76.7%ක්, රන්දෙනිගල ජලාශයේ ජල මට්ටම 84.4%ක්, සමනල වැව ජලාශයේ ජල මට්ටම 5.3%ක් දක්වා පහත වැටී ඇත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *