පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද දින රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ජංගම දුරකතන මගින් පටිගත කරන ලද හඬපට ඔහුගේ කටහඬ සමග සැසදෙන්නේදැයි පරීක්ෂා කරන ලෙස අධිකරණය විසින් කරන ලද නියෝගයක් මත මෙම පරීක්‍ෂණය සිදු කෙරෙයි.
එමෙන්ම මන්ත්‍රීවරයාට විරුද්ධව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පවරා ඇති නඩු දෙකක් අද අද දිනයේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නැවත කැඳවීමට නියමිතව තිබේ.