හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කළ පැමිණිල්ලකට අදාළව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
අදාළ නඩුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනාම අධිකරණයේ පෙනී සිටියහ.
අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, සැකකරුවන් දෙදෙනාට මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්රාත්වරයා නියෝග කළේය.


