යුද්ධයේදි දිවි දුන් රණවිරුවන්ගේ වැටුප අවුරුදු 55න් පසුව පවුල්වල ඥාතීන්ට ලබාදීමට පියවර

යුද්ධයේදී මියගිය රණවිරුවන්ට හිමි වැටුප වයස අවුරුදු 55න් පසුවද ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට ලබාදීමට පියවර ගන්නා බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඒ මහතා පවසන්නේ අදාළ ගැසට් පත්‍රය මේ වන විට ඉදිරිපත් කර ඇති බවයි.

තිස් අවුරුදු කුරිරු යුද්ධයෙන් ජීවිතක්ෂයට පත්වූ සහ තුවාල ලැබූ හමුදා සාමාජිකයින්ගේ පවුල්වල ඥාතීන් වෙනුවෙන් විශේෂ ජංගම වැඩසටහනක් ඊයේ (03) අනුරාධපුර, සාලියපුර හමුදා කඳවුරු පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කමල් ගුණරත්න මහතා සඳහන් කළේ ආබාධිත කිසිදු රණවිරුවෙකුට කොළඹට පැමිණ උද්ඝෝෂනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *