Yahoo (යාහූ) ඊමේල් සේවයේ තාක්ෂණික දෝෂයක් ඇතිවීම හේතුවෙන් ලොව පුරා යාහු ඊමේල් පද්ධතිය ඊයේ(5) දිනයේදී බිඳ වැටිණි. මේ හේතුවෙන් පරිශීලකයෝ විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත්වූ බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
පැය 7 කට අධික කාලයක් පැවති මෙම දෝෂය හේතුවෙන් ඊමේල් යැවීමට, ලබාගැනීමට හෝ ඊමේල් ගිණුම් පරීක්ෂා කිරීමට නොහැකි වූ බව සඳහන් වේ.
එක්සත් රාජධානියේදී මෙම අවහිරතාව BT, Sky හා TalkTalk ඊමේල් සේවා සඳහාද බලපා තිබුණි.
සිය සේවාදායකයින්ට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් යාහූ ආයතනය කණගාටුව පළකරමින් ට්විටර් පණිවිඩයක් ද නිකුත් කර තිබිණි.
(තොරතුරු – බීබීසී ඇසුරිනි)