යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ අධ්‍යාපනය ලබමින් සිටි වෛද්‍ය ශිෂ්‍යාවගේ ඝාතනය පවුල් ආරවුලක් මත සිදුව ඇතැයි පොලීසිය පවසයි.
වෛද්‍යා පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි 29 හැවිරිදි විවාහක වෛද්‍යා ශිෂ්‍යාවක් ඊයේ(22) දහවල් ඇයගේ තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබු අතර 30 හැවිරිදි ඇයගේ ස්වාමිපුර්ෂයා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඔහු පරන්තන් යුද හමුදා කඳවුරේ සේවයේ නියුතු සෙබලෙකු වන අතර මොවුන් බේරුවල ප්‍රදේශයේ පදිංචිව සිටි අඹුසැමි යුවලක් වන බව වැඩිදුර විමර්ශන වලදී හෙළිවී ඇත.
අපරාධය සිදු කිරිම සඳහා භාවිතා කරන ලද ආයුධය සමඟ යාපනය පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.