යාපනයේ නිවසකින් කේරළ ගංජා කිලෝ 142ක් සමග අයෙක් අත්අඩංගුවට

යාපනය කොට්ඨාසයේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (29) යාපනය පොලිස් වසමට අයත් චුන්ඩක්කුලි ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී එහි තිබී කේරළ ගංජා කිලෝ 142 යි ග්‍රෑම් 995 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු විසින් මෙම කේරළ ගංජා තොගය ඔහු පදිංචි නිවසේ කාමරයක් තුළ ගමන් මළු 4 ක පාර්සල් 68 ක් ලෙස ඇසුරුම් කර තබා ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 ක් වන අතර චුන්ඩයිකුලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර සැකකරු අද (30) දිනයේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *