යහපාලන ආණ්ඩුව සමයේදී මාව නොමරා මැරුවා – මෛත්‍රී කියයි

එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා වැනි මෙරට ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස ස්ථාපිත කරමින් රටට විශාල සේවාවක් කළ පුද්ගලයකු එවකට ආණ්ඩුව සමයේදී වෙඩි තබා මරා දැමූ බවත්, 2015 ජනාධිපතිවරණයෙන් පසුව පිහිටු වූ යහපාලන ආණ්ඩුව සමයේදී පැවැති දක්ෂිණාංශ බලවේග තමන්ව නොමරා මැරූ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියි. ඊයේ (25) පැවැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 61 වැනි ගුණ සැමරුමට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පවසා සිටියා.

බණ්ඩාරනායක මහතාගේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දර්ශනය අනුව මමත් පුළුවන් විදිහට රට පාලනය කරන්න හිතාගෙන 2015 ජනවාරි මස 08 වෙනිදා මම රටේ ජනාධිපති වුණා. නමුත් මගේ ආණ්ඩුවේ දක්ෂිනාංශක දේශපාලකයින් මාව වෙඩි තියලා මැරුවේ නැති උනත් ඔවුන් මාව නොමරා මරුවා. ඒ අවුරුදු 05 තුලදී සිදුකරන්න බලාපොරොත්තු වූ වෙනස්කම් සිදුකරන්න ඉඩ ලැබුනේ නැහැ. දැන් අවලාද නින්දා අපහාස සිදුකරනවා. ඒ සියල්ලම හොඳට හුරුයි. පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හොඳ අනාගතයක් තිබෙනවා යැයිද හිටපු ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *