කොවිඩ් යැයි සැක කළ රුසියානු ජාතිකයාට කොවිඩ් නැති බව තහවුරු වේ

කොවිඩ් 19 ආසාදිත බවට පසුගියදා හඳුනාගැනුණු රුසියානු ජාතිකයාට එම වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ. ඒ හම්බන්තොට මහ රෝහලේදී සිදුකළ පී සී ආර් පරීක්ෂණයේ වාර්තාවන් ඊයේ (25) පස්වරුවේ නිකුත්වීමත් සමගයි.

කෙසේ නමුත් මෙම ගුවන් කාර්ය මණ්ඩලය නවාතැන් ගෙන සිටි මාතර පොල්හේන හෝටලය කොවිඩ් මර්දන කාර්ය පටිපාටින් සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කර ඇති බවත්, රජයේ අනුමත නිරෝධායන මධ්‍යස්ථාන තිබියදී ඔවුන් හෝටලයකට යොමු කිරීම පිළිබඳවත් විමර්ශනය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *