Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

යහපාලන අයවැයත් එක්ක සසැදීමේදී මෙවර අයවැය අහස පොළොව වගේ පරස්පරයි – ලක්‍ෂ්මන් කිරිඇල්ල

යහපාලන අයවැයත් එක්ක සසැදීමේදී මෙවර අයවැය අහස පොළොව වගේ පරස්පරයි – ලක්‍ෂ්මන් කිරිඇල්ල

රජයක් ලෙස රටේ පවතින කොවිඞ් අර්බුදයට මුහුණ දෙන ආකාරය හා ඉන් පීඩාවට පත්වන ජනතාවට ලබාදෙන සහන පිළිබඳව නිසි වැඩපිළිවෙළක් මෙවර අයවැයෙන් ඉදිරිපත් කර නැති බව විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඒ මහතා පවසන්නේ කොවිඩ් වසංගතය සමග ජනතාවට තවත් වසර දෙකක් පමණ ජීවත්වීමට සිදුවෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා තිබියදීත් ඒ පිළිඹදව රජය දැඩි අවධානයක් යොමුකරමින් අයවැය ඉදිරිපත් කිරීමට පියවර ගතයුතුව තිබූ බවයි. එමෙන්ම කොවිඩ් වසංගතයට මුහුණ දීමට මීට වඩා ශක්තිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවද ඒ මහතා කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටින්නේ ආණ්ඩුව විසින් ලබන වසර සදහා ඉදිරිපත් කර ඇත්තේ ජනතාවට කිසිදු සහනයක් නැති පුහු අයවැයක් බවත්, යහපාලන ආණ්ඩුවේ පළමු අයවැය මගින් ලබාදුන් සහන සමග සංසන්දනය කළ විට එම අයවැයත් මෙම අයවැයත් අහසට පොළොව වැනි පරස්පරතාවයක් පවතින බවයි. එමෙන්ම යහපාලන පළමු අයවැයේදී රාජ්‍ය සේවක වැටුප් වැඩිකර, සිසු සුරක්‍ෂා ආරම්භ කර, සමෘද්ධි සහනාධාරය වැඩිකර, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සෑහෙන ප‍්‍රමාණයකින් අඩුකර ජනතාවට විශාල සහන ප‍්‍රමාණයක් ලබාදුන් බවයි ඒ මහතා පවසා සිටින්නේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *