ඇමෙරිකාව නිපදවූ කොවිඩ් එන්නත සාමාන්‍ය ශීතකරණයක දින 30ක් තබා ගත හැකි බව හෙළි වෙයි

ඇමෙරිකාවේ මොඩර්නා (Moderna) නම් ජෛව තාක්‍ෂණ සමාගම විසින් පසුගියදා එළිදැක් වූ කොරෝනා එන්නත සාමාන්‍ය ශීතකරණයක තබා ගත හැකි බවට හෙළි වී ඇත. ඒ අනුව වාර්තා වන්නේ මෙම මොදර්නා එන්නත දින 30 ක් සාමාන්‍යයෙන් ශීතකරණයක තබාගත හැකි බවටයි. මේ බව තහවුරු වීමත් සමගම ලොවපුරා රටවල් රැසක් එම එන්නත ලබා ගැනීමට ඉදිරිපත් වී තිබේ. මෙම එන්නත සියයට 94.5 ක් සාර්ථක බව මොදර්නා සමාගම පසුගියදා ප්‍රකාශ කර සිටියේ.

මීට දින කිහිපයකට පෙර කොවිඩ් වෛරසය වෙනුවෙන් ෆයිසර් (Pfizer) සහ බයෝඑන්ටෙක් (BioNTech) යන සමාගම් දෙකක් මගින් 90%ක් සාර්ථකත්වයකින් යුත් එන්නතක් නිෂ්පාදනය කළ අතර එම එන්නත ශීතකරණයේ තබාගත හැක්කේ දින පහක් පමණක් බවත් වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *