මහින්ද

මොන ආකාරයේ දුෂ්කරතා ආවත් රට පාවාදෙන්නෙත් නෑ, කිසිවකු ඉදිරියේ දණ නමන්නෙත් නෑ – අගමැති

Share this Article

රට තුල ඇතිවූ කොවිඩ් වසංගත තත්වය නිසා රටේ ආර්ථිකයට ඇතිවූ හානිය තිස් වසරක යුද්ධයෙන් ඇතිවූ හානියටත් වඩා බරපතළ බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (18) බියගම පැවැති කැලණි දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කලේ මෙම වසංගතය හමුවේදී සහ ඉන් අනතුරුව රට ගොඩනඟන සැලසුම් හා ක්‍රමෝපායන් ආණ්ඩුව මේ වන විට දියත් කර ඇති බවයි. එමෙන්ම තම රජය භාරගත්තේ, යහපාලන ආණ්ඩුව විසින් ෆේල් කර තිබූ රටක් වුවත්, රටේ ජනතාව පාස් කර රටට විශිෂ්ට සාමාර්ථ්‍යයක් අරන් දීමට ආණ්ඩුව අනිවාර්යයෙන්ම ක‍්‍රියා කරන බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

එමෙන්ම මොන ආකාරයේ දුෂ්කරතා පැමිණියද රට පාවා දීම හෝ කිසිවකු ඉදිරියේ දණ නොනමන බවද, නිවැරදි තීන්දු තීරණ හරහා ඉදිරි වසර තුළ රට ඉදිරියට ගෙන යන බවද අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.


Share this Article

Leave a Reply

Your email address will not be published.