මෛත්‍රීපාල ශ්‍රීලනිපය කෑලි කෑලි වලට ඉරලා මඩේ දාලා පෑගුවා – චන්ද්‍රිකා කියයි

එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බන්ඩාරණායක ශ්‍රීමතානන් විසින් ආරම්භ කළ ජනතාවාදී දේශපාලන පක්‍ෂය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කෑලි කෑලි වලට ඉරා මඩේ දමා පාගා විනාශ කර ඇති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසනවා. එමෙන්ම බණ්ඩාරනායක දර්ශනය අනුව ජනතා සේවයේ යෙදෙන අයට හොරකම් සහ මිනී මැරීම් නොකළ හැකි බවත්, එවැනි ක්‍රියාවලට සම්බන්ධ නොමැති ඉහළ මට්ටමේ නායකයෙකු මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් තමාට සොයා ගැනීමට නොහැකි වූ බවත් ඇය පෙන්වා දෙනවා.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මේ බව පවසා සිටියේ දිවංගත එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 61 වන ගුණානුස්මරණ උත්සවය හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී අද (26) පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *