මෙරට තුළ සිදුවූ 14වන කොවිඩ් මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි. කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇති අතර ඇය කොවිඩ්-19 වෛරසයට IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකි. ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඇති වූ නිව්මෝනියා තත්ත්වයක් සහ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය මියගිය බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
2020-10-22