Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

විමල් – වාසු – උදය 20ට පක්ෂයි

විමල් – වාසු – උදය 20ට පක්ෂයි

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීමට ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් ප‍්‍රක්‍ෂය තිරණය කර තිබෙනවා.

අද බොරැල්ලේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂ නායකයන් කියා සිටියේ විසිවන සංශෝධනය ට පක්ෂ වී ද්විත්ව පුරවැසි බාධාවන් ඉවත් කරන වගන්තියට නිෂ්ක්‍රීය වීමට තම පක්ෂ කලින් තීන්දු කර තිබුණ ද ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවෙන් පසු එම තීරණය වෙනස් කළ බවයි.

ඇමති උදය ගම්මන්පිල මහතා එහිදී පැවසුවේ එම හමුවේදී ජනාධිපතිවරයා ඉතා හැඟීම්බර ලෙස කළ කල ඉල්ලීම මත මෙම තීරණය ගත් බවයි. නමුත් ජනාධිපතිවරයා ප්‍රතිපත්තිමය වශයෙන් තම තමන්ගේ තර්කය පිළිගත් බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම ඉදිරි වසර ඇතුළත ඉදිරිපත් කරනු ලබන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද්විත්ව පුරවැසි බාධක වගන්තිය අනිවාර්යෙන්ම ඇතුලත් කරන බවත් ඒ බව අද දිනය තුළ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මගින් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරවන බවද ජනාධිපතිවරයා එහිදී පැවසූ බව ඇමතිවරයා සඳහන් කළා.

ද්විත්ව පුරවැසි බාධාව හැර තම සියළු යෝජනා මෙම සංශෝධනයට ඇතුලත් කර ඇතැයිද ඔහු තව දුරටත් පැවසුවා.

අමාත්‍ය විමල් වීරවංශ මහතා එහිදී කියා සිටියේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සදහා වන කෙටි කාලය අතුලත ලැජ්ජාවක් බයක් ඇති කිසිදු ද්විත්ව පුරවැසියෙක් අද ඇරෙන සිදුරෙන් ඔළුව නොදමනු ඇතැයි විශ්වාස කරන බවයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *