මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය වන මන්නාරම විදුලි බලාගාරයේ ඉදිකිරීම් අවසන් කර ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
එහි සභාපති විජිත හේරත් මහතා සඳහන් කරන්නේ ඉන් මෙගා වොට් 100 ක විදුලි ධාරිතාවක් උත්පාදනය වන බවයි. ඒ අනුව ඉදිරි සති දෙක ඇතුලත මෙය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටී.