දුමින්ද ශ්‍රීලංනිප වැඩබලන මහ ලේකම් ධුරයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත් කර තිබේ.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මෙම පත් කිරීම  සිදුකර තිබේ. දුමින්ද දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක වරයා  වශයෙන්ද කටයුතු කරයි.

දේශපාලන මණ්ඩලය විසින් ගත් මෙම නීන්දුව මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (26දා) දන්වා යැවීමට කටයුතු කරන බවද ශ්‍රීලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *