කොළඹ ප්‍රදේශ කීපයකට හෙට පැය 9 ක් ජල සැපයුම අත්හිටුවයි

කොළඹ නගර සභා බල ප්‍රදේශයේ ජලනල ව්‍යාපෘතියක අලුත්වැඩියාවක් හේතුවෙන් කොළඹ 13, 14 සහ 15 බල ප්‍රදේශවලට හෙට (15) රාත්‍රී 8 සිට පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට රාත්‍රී 8 සිට පසුදා අලුයම 5 දක්වා එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති බවත්, කොළඹ 11 සහ 12 ප්‍රදේශවලට එම කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවත් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩි දුරටත් දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *