රටට අවශ්‍ය බඩ ඉරිඟු සපයා ගැනීමට යෝධ ව්‍යාපෘතියක්

අප රටට අවශ්‍ය බඩ ඉරිඟු ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් පන් ලක්ෂ දස දහසක් පමණ වන ප්‍රමාණය ලබා ගැනීමේ අරමුණින් හෙක්ටයාර් එක් ලක්ෂ දස දහසක් තුළ බඩ ඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව උක්, බඩ ඉරුඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අභිනව අමාත්‍යධුරයේ ඊයේ (14) දිනයේ වැඩභාරගනිමින් පැවති උත්සවයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුව අමතිමිනි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ ගම්මිරිස් වගාකරන මෙරට ගොවීන්ට සාධාරණයක් ඉටු කිරීම සඳහා ගම්මිරිස් මිළ ඉහළට ගෙන ඒමට කටයුතු කරමින්, අගය එකතු කළ නිෂ්පාදනයක් ලෙස විදේශ රටවලට යැවීමට කටයුතු කරන බවයි. එමෙන්ම අක්කර විසි එක් දහසක් පමණ උක් වගා කිරීම හරහා මෙරට සීනි ආශ්‍රිත නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමටද කටයුතු කරන බවත් වක්කුඹුර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *