කිරිපිටි මිල තවදුරටත් අඩු වීමක් නෑ

024 අප්‍රේල් 25 දින සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිල අඩුවන බවට පළ වූ වාර්තා මුළුමනින්ම පදනම් විරහිත බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පවසන්නේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු කාලසීමාව තුළ ජනතාවට සහන සැලසීම සඳහා වෙළෙඳ අමාත්‍යංශය විසින් සිදුකරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්, සියලුම කිරිපිටි සන්නාමයන් විසින් 2024 අප්‍රේල් 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිල ගණන් අඩුකළ බවයි. ඒ අනුව දැනට ග්‍රෑම් 400 ඇසුරුමක උපරිම සිල්ලර මිල රු.1,050/- ක් ලෙස ස්ථාපිත කර තිබේ.

එමෙන්ම, විවිධ ප්‍රවර්ධන වැඩසටහන් යටතේ දැනටමත් කිරිපිටි සන්නාම රැසක් විසින් ඉහත සඳහන් උපරිම සිල්ලර මිලට අඩුවෙන්  අලෙවි කරනු ලබන බවද ඒ මහතා පෙන්වා දෙයි. එම නිසා, ඊයේ දිනයේ පළ වූ සාවද්‍ය වාර්තාවල සඳහන් පරිදි අප්‍රේල් 25 වැනි දින සිට තවත් මිල අඩුවීමක් සිදු නොවන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය ලෙස වැඩිදුරටත් අවධාරණය කරන බව අශෝක බණ්ඩාර මහතා  සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *