මෙරට විශාලතම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් අවසන් වේ

මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය වන මන්නාරම විදුලි බලාගාර‍යේ ඉදිකිරීම් අවසන් කර ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි සභාපති විජිත හේරත් මහතා සඳහන් කරන්නේ ඉන් මෙගා වොට් 100 ක විදුලි ධාරිතාවක් උත්පාදනය වන බවයි. ඒ අනුව ඉදිරි සති දෙක ඇතුලත මෙය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *