මෛත්‍රී වැනි පුද්ගලයන් අත්අඩංගුවට ගත යුතුයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය ගැන සිදු කළ ප්‍රකාශය අසත්‍ය බවට නිලා නොලත් ලෙස තහවුරැ වී තිබෙන බවත්, ඒ අනුව මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශ කරමින්  රට තුළ ප්‍රශ්න ඇති කරන පුද්ගලයන් අත්අඩංගුවට ගත යුතු බවට යෝජනා කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ පැවති පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයේදී අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහමොලකරැවන් ගැන, මේ ප්‍රහාරය පිටුපස ඉන්න පුද්ගලයන් ගැන දන්නවා කියලා ප්‍රකාශක් සිදු කළා. පොලීසියට කරන්න ඕනී ප්‍රකාශය මාධ්‍යයට කළා. එතුමා ප්‍රකාශයක් ලබා දීලා තියෙනවා, අපිට ලැබිලා තියෙන නොනිල තොරතුරැ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයේ තියෙන්නේ බොරැ. ඒ කියන කරැණු අසත්‍යයි කියලා තහවුරැ වෙලා තියෙනවා. මේ හිටපු ජනාධිපතිවරයෙක්, ජාතික ආරක්ෂාව විහිලුවට අරගෙන. මේ රටේ ජනතාව විහිළුවට අරගෙන. රටේ පොලීසිය විහිළුවට අරගෙන.

හොඳ වෙලාවට මහේස්ත්‍රාත්තුමිය මොලේ කල්පනා කරලා, මේක ජාතික ආරක්ෂාවට බලපාන කාරණයක් කියලා ලිපිගොනුව සේප්පුවක දාලා ඉබි යතුරැ දාලා තියන්න තීරණය කළා. එහෙම නැතිනම් රට මේ වන විට ගිනිඅරන්. මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශ කරමින් රට තුළ ප්‍රශ්න ඇති කරන පුද්ගලයන් අත්අඩංගුවට ගත යුතුයි කියලා යෝජනා කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *