සැක සහිත රෝග ලක්ෂණ සහිතව IDH උණ රෝහලට ඇතුළත් කෙරුණු පුද්ගලයෙකුට කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.
වයස අවුරුදු 50ක් වන මෙම පුද්ගලයා සංචාරක මගපෙන්වන්නෙකු ලෙස වෘත්තියේ යෙදී සිටින ශ්‍රී ලාංකිකයකු බවට වාර්තා වේ. පසුගිය දිනවලදී මෙම පුද්ගලයා ඉතාලියෙන් පැමිණි සංචාරකයින් පිරිසකට මගපෙන්වා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ. සැක සහිත රෝග ලක්ෂණ සහිතව ඔහු රෝහල් ගත කර ඇත්තේ පසුගිය 09 වැනිදායි.