Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

INNOTECH 2020 ජාතික ප්‍රදර්ශනය අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරෙයි

INNOTECH  2020 ජාතික ප්‍රදර්ශනය අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරෙයි

INNOTECH 2020 ජාතික ප්‍රදර්ශනය හෝමාගම, පිටිපන අධී තාක්ෂණ හා නවෝත්පාදන නගර පරිශ්‍රයේදී අද (2020.03.11) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිනි.

මාර්තු මස 14 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය නොමිලේ අධ්‍යාපන අමාත්‍යංශය, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යංශය සහ එම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය පර්යේෂණ ආයතන, විශ්ව විද්‍යාල සහ පෞද්ගලික අංශයේ සහයෝගීතාවයෙන් සංවිධානය කරන වසරේ දැවැන්තම තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය මෙයයි.

ශ්‍රී ලංකා නිනිති තාක්ෂණ ආයතනය, NSBM සරසවිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය, මහින්ද රාජපක්ෂ ජාතික පාසල සහ මිණුම් ඒකක, ප්‍රමිති හා සේවා  පාර්තමේන්තුව යන ස්ථානවල දී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය අධ්‍යාපන කලාපය, නවෝත්පාදන කලාපය සහ පර්යේෂණ හා සංවර්ධන කලාප ලෙස කලාප තුනකින් යුක්ත වෙයි.

පර්යේෂණ ආයතන සහ විශ්ව විද්‍යාලයන්හී පරයේෂණවල ප්‍රතිඵල ලෙස බිහිවූ නිෂ්පාදන, මුලාකෘති සහ නව නිපැයුම් ස්වාධීන නව නිපැයුම්කරුවන්ගේ නව නිපැයුම්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නව නිපැයුම් හා ප්‍රදර්ශන භාණ්ඩ, අධ්‍යාපනික විනෝදාස්වාදාත්මක ක්‍රියාකාරකම්, නවින සහ නැගී එන තාක්ෂණයන් පිළිබඳ දැනුම, නිර්මාණ සහ ප්‍රදර්ශනාත්මක ක්‍රියාකාරකම් (සූර්ය බල ශක්ති භාවිතය,5G & IOT, ස්නායු තාක්ෂණය, ඩෝන යන්ත්‍ර භාවිතය ආදිය) ජංගම ග්‍රහලෝකාගාර, රාත්‍රි අහස නිරීක්ෂණ කඳවුරු, ජල රොකට් ප්‍රදර්ශනය, ආදී ප්‍රදර්ශන අංග රැසකින් මෙම ප්‍රදර්ශනය සමන්විත වේ.

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *