මෙරට කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3395 දක්වා ඉහළට

Share this Article

ඊයේ (03) දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු සමග මෙරට කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3395 දක්වා ඉහළ ගොස් තිබේ.

එම ආසාදිතයින් 7 දෙනා අතර කුවෙට්හි සිට පැමිණි දෙදෙනෙකුත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකුත්, ඕමාන්, කටාර්, සහ මධ්‍ය ධරිණී කලාපයේ සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකුත් සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේවන විට ආසාදිතයින් 128 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ්-19 ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 3,254 දෙනෙකු බවත් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.


Share this Article

Leave a Reply

Your email address will not be published.