මෙරට කොවිඩ් ආසාධිතයින් ගණන 11,000 ඉක්මවයි

ඊයේ (01) දිනයේ කොරෝනා ආසාදිතයන් 397 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඊයේ රාත්‍රියේදී නව ආසාදිතයින් 204 දෙනෙක් හඳුනාගෙන ඇති අතර ඉන් 169 දෙනෙක් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවත් තවත් 35 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියි.

ඒ අනුව ඊයේ දිනයේදී හමුවූ ආසාදිතයින් 397 දෙනාත් සමග මෙරටින් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 11,060ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *