මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5800 පසුකරයි

Share this Article

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 186 දෙනෙකු හඳුනා ගැනීමත් සමගම මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,811 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ හමුවූ ආසාධිතයින් 186 දෙනාගෙන් නිරෝධායන මධ්‍යස්ථානවල සිටි මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිතයින් සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව 37 කි. ඔවුන්ගේ ආශ්‍රිතයින් සංඛ්‍යාව 143 කි. මීට අමතරව විදේශයන්හි සිට පැමිණි 6 දෙනෙකුටද කොවිඩ් වෛරසය ආසාධනය වී ඇති බවට ඊයේ දිනයේ තහවුරු වී ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ මිනුවන්ගොඩ පොකුරේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2342 ක් බවයි.

මේ වන විට වෛසරය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 2341 ක් වන අතර, ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු සුවය ලබා ඇත. ඒ සමග මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3457 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.


Share this Article

Leave a Reply

Your email address will not be published.