මුරලිගේ ජීවිත කථාව සිනමාවට

ශ්‍රී ලංකාවෙන් බිහිවූ  ලොව විශිෂ්ටතම දඟ පන්දු යවන්නා ලෙස විරුදාවලි ලද මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇතුළත් සිනමා පටයක් නිර්මාණය කිරීමට ඉන්දීය සිනමා සමාගමක් සූදානම් වෙයි.

මුත්තයියා මුරලිදරන්ගේ ස්වයං චරිතාපදානය වන “800” කෘතිය ඇසුරින් මෙම සිනමා පටය නිර්මාණය කිරීමට නියමිත අතර ජනප්‍රිය දමිළ සිනමා නළුවකු වන විජේ සෙතුපාති මුරලිදරන්ගේ චරිතයට පණ පෙවීමට නියමිතය.

ලෝක වාර්තාවක් තබමින් එදා මෙදාතුර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පන්දුයවන්නකු ලබාගත් වැඩිම කඩුලු  ගණන වන මුත්තයියා මුරලිදරන් ලබාගත් කඩුලු 800 සංකේතවත් කරමින් මෙම චිත්‍රපටයට 800 යන නම තබා ඇත.
මුරලිදරන්ගේ ක්‍රිකට් ජීවිතය අඩාළ කරන්නට එල්ලවූ තර්ජන අභියෝග මෙන්ම ඒවා ජයගන්නට ඔහු නොසැලී ක්‍රියා කළ ආකාරය මෙම කතාවෙන් නිරූපණය වන අතර මෙහි රූගත කිරීම් ශ්‍රී ලංකාව, ඉන්දියාව හා එංගලන්තය යන රටවල සිදුකිරීමට නියමිතය.

(Image – Sportskeeda)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *