ජනපති කොන්දක් ඇති බව කියයි

තමන් කොන්දක් නැති නායකයෙකු ලෙස පෙන්වීමට ඇතැම් අය උත්සාහ කළත් තමා කොන්දක් ඇති ඍජු නායකයකු බව පෙන්වා ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රණවිරුවන්ට සුභසාධන ප්‍රතිලාභ ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් කියා සිටියේය.

පවතින රජයේ වංචා දූෂණ සෙවීමට කොමිෂන් සභා පත් කළේද ජවාරම්කරුවන් සහ පතාලය සමග තමන් සටන් වදින්නේද තමාට කොන්දක් ඇති නිසා බවත් පසුගිය ආණ්ඩුවේ දූෂණ වංචා සෙවුවේ ද මෙම ආණ්ඩුවේ අගමැති එක්වරම වෙනස් කළේද තමාට කොන්දක් ඇති නිසා බව ජනපති කීවේය.

තමාට කොන්දක් ඇති බව නිසි ලෙසම පෙන්වූයේ 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් බවද මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේය.

(Image – Sri Lanka Broadcast Cooperation)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *