ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ඒකාබද්ධව ගාල්ල මුහුදේදී කරන ලද මෙහෙයුමකදී රුපියල් මිලියන 1180 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කරන්නේ හෙරොයින් කිලෝග්‍රෑම් 68ක් සහ ක්‍රිස්ටල් මෙත් කිලෝග්‍රෑම් 50ක් එම මත්ද්‍රව්‍ය තොගයට අයත් බවත් මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරන බවයි.