මිනුවන්ගොඩ සිට මොණරාගල ගිය ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවකට කොරෝනා

මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවය කර නිවාඩු සදහා මොණරාගල ප්‍රදේශයට පැමිණි සේවිකාවට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදු කරන ලද PCR පරීක්ෂණයේදී හෙළිවී ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටී.

එම කාන්තාව මෑත දිනෙකදී නිවාඩු ලබා මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇති අතර ඇය මොණරාගල බස්නැවතුම්පොළ, ඉරිදා පොළ, කච්චේරි හන්දිය සහ රජයේ බැංකුවකට ගොස් ඇති බවට හෙළිවී ඇති බව සෞඛ්‍ය බළධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *