මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඉවත් කළ සියලු දෙනාට වන්දි සමග රැකියා දෙනවා – සජිත්

තමන් මැතිවරණ ජයග්‍රහණය කළ පසු වත්මන් ආණ්ඩුව මගින් රැකියාවලින් ඉවත් කළ සියලූදෙනාට වන්දි සමග එම රැකියාව නැවත ලබා දෙන බව හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ පසුගිය දින 100ක කාල වකවාණුව තුළ සිදුවූ දුක් ගැහැට වලට වන්දියකුත් සමගින් එම තරුණ තරුණියන්ට රැකියාව ලබා දෙන බවත්, ඡන්ද කාල සීමාව තුළ බොරුවට ඡන්ද කොළ බෙදා දෙන රංගනය නතර කර මැතිවරණයෙන් පසු ලක්ෂ ගණනින් රැකියා උත්පාදනය කරන නව විප්ලවීය ආර්ථිකයක් ගොඩනගන බවත්ය. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *