Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ සහ පුහුණු ආයතනය ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ඒකාබද්ධ කිරීමට කැබිනට් අනුමැතිය

මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ සහ පුහුණු ආයතනය ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ඒකාබද්ධ කිරීමට කැබිනට් අනුමැතිය

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අනුබද්ධ පර්යේෂණ හා පුහුණු අංශයක් ලෙස මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ සහ පුහුණු ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

1993 අංක 50 දරන පනත යටතේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පිහිටුවා ඇති අතර, කර්මාන්තයට අදාළ පර්යේෂණ හා පුහුණු කටයුතු සඳහා 1995 වසරේදී මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ සහ පුහුණු ආයතනය ස්ථාපිත කර තිබුණි.

මෙම ආයතන දෙකම ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ සංවර්ධනයට දායක වී තිබුණද, ඒකාබද්ධ ක්‍රියාකාරී යාන්ත්‍රණයක් නොමැතිවීම හේතුවෙන් සම්පත් අපතේ යාම සහ ප්‍රතිපත්තිමය පරස්පරතා ඇති වී ඇති බව නිලධාරීන් පෙන්වා දී ඇත.

අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ නිලධාරී කමිටුවක් විසින් සිදු කළ සමාලෝචනයකින් අනතුරුව, 2025 මාර්තු 17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම ආයතන දෙක ඒකාබද්ධ කිරීම සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබුණි.

ඉන් අනතුරුව, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කළේය.

එම කමිටුවේ වාර්තාවේ නිර්දේශ අනුව, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ සහ පුහුණු ආයතනය ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය යටතේ ප්‍රතිව්‍යුහගත කිරීම සහ 1993 අංක 50 දරන පනතට අනුව ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *