LK reports news sinhala

මාලිමාව ලකුණින් එන ජනපති අපේක්ෂකයා

ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මෙවර ජනපතිවරණයට ඉදිරිපත්වනුයේ මාලිමාව ලකුණිනි. ඒ අනුව අවසන් වරට 1999 ජනපතිවරණයේදී භාවිතයට ගැනුණු ජනතා විමුක්ති පෙරමුණේ සීනුව ලකුණ මෙවරද ඡන්ද පත්‍රිකාවේ දක්නට නොලැබෙනු ඇත.

ජාතික ජනබලවේගය සංවිධාන රැසක එකමුතුවක් ලෙස ක්‍රියාකරන බැවින් පොදු ලකුණකින් තරග කරන බවට පසුගියදා ජනතා විමුක්ති පෙරමුණු නියෝජිතයෝ ප්‍රකාශ කළ අතර අද(7) නාම යෝජනා බාරදීමෙන් පසු මැතිවරණ කාර්යාලයේදී අනාවරණය වූයේ මාලිමාව ලකුණින් අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත්වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *