LK reports news sinhala

කිතුණු පල්ලිවලට අවදානමක් – අගරදගුරුතුමන් ආරක්ෂාව ඉල්ලයි

කිතුණු දෙව්මැදුරකට ප්‍රහාරයක් එල්ලවීමේ ඉඩ ඇතැයි මේ දිනවල ලැබී ඇති ආරංචි හේතුවෙන් පල්ලිවල පැවැත්වෙන මංගල්‍ය හා පෙරහර නවත්වන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් දැනුම් දී ඇත.

මෙම තත්ත්වය මත සියලු කිතුණු දෙව්මැදුරුවලට ආරක්ෂාව සලසන ලෙස අගරදගුරු තුමන් ජනතාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දී ඇත. මේ වනවිට ප්‍රධාන දෙව්මැදුරු ගණනාවක ආරක්ෂාව තර කර තිබේ. මේ අතර හැකිතරම් චාම් අයුරින් දෙව්මැදුරුවල උත්සව කටයුතු සංවිධානය කරන ලෙසද අගරදගුරුතුමන් දැනුම් දී ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *