LK reports news sinhala

මාලිංග ලංකාවම කැමති කෙනෙක් ගැන කියයි

මහින්ද රාජපක්ෂ මහතාට තමන් පමණක් නොව මුළු ලංකාවේම ජනතාව කැමැති බව සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි. වසර 30ක් පැවති යුද්ධය අවසන් කර අද රටේම ජනතාව නිදහසේ සිටින්නේ ඔහු නිසා යයි මාලිංග පැවසීය.

ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

තමන් දේශපාලනඥයෙකු නොවන බවත් දේශපාලනයට පිවිසීමට තම අදහසක් නැති බවත් දේශපාලන නොදන්නා බවත් කී මාලිංග තමන් දන්නේ ක්‍රිකට් ක්‍රීඩාව පමණක් බවද පැවසීය.

පසුගියදා පැවති වියත් මග සමුළුවට හිටපු සුපිරි ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සහභාගී වීම සම්බන්ධයෙන් හා ඔහුත් එම වේදිකාවට එක්වනවා දැයි ලසිත් මාලිංගගෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ තමා ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් බවත්, එම නිසා ක්‍රිකට් ක්‍රීඩාවට හැකි උපරිම දේ සිදු කරනවා මිස පරිපාලනය කිරීමට තමාට හැකියාවක් නොමැති බවයි.

(Image – Sunday Times)

Leave a Reply

Your email address will not be published.