LK reports news sinhala

ජාතික රූපවාහිනිය ජනපති යටතට

අති විශේෂ ගැසට් අංක 21/2140/02 දරන ගැසට් නිවේදනය මගින් ඊයේ(9) රාත්‍රියේ සිට ජාතික රූපවාහිනී සංස්ථාව ජනපතිට අයත් ආරක්ෂක අමාත්‍යංශයට පවරාගෙන තිබේ. රූපවාහිනියට සභාපතිවරුන් දෙදෙනකු පත්කිරීමේ පළහිලව්වක් මත මෙසේ සිදුකරන්නට ඇතැයි වාර්තා වේ.

එජාප ඇමති රුවන් විජේවර්ධන සතු බලය ඒ අනුව එම සංස්ථාවෙන් ගිළිහී ඇත. ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපතිනිය ලෙස ඉනෝකා සත්‍යාංගනී කටයුතු කරමින් සිටියදී ජනමාධ්‍ය ඇමැතිවරයා අවස්ථා දෙකකදී ඇය ඉවත් කරන්නට උත්සාහ කළේය. නව රූපවාහිනී සභාපති ලෙස කැලුම් පාලිත මහීරත්න පත් කර තිබුණද ඔහුට වැඩ බාර ගැනීමට නොහැකි ලෙස දිගටම ඉනෝකා සත්‍යාංගනී රූපවාහිනී සභාපතිනිය ලෙස රැඳී සිටියායා.

නව සභාපතිවරයා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කාමරයකට වී සිටියත් සංස්ථා පරිශ්‍රයට ඇතුළු වීමට ඉඩ ලැබී නැති අතර පසුව නව සභාපතිවරයා ගෙදර ගොස් ඇත. ඊට පසු ඊයේ රාත්‍රියේ වාර්තාවූයේ ජනපතිවරයා රූපවාහිනිය පවරා ගත් බවයි.

අද (10) සිට ඕනෑම වේලාවක ජනපතිවරණය කැඳවීමට මැතිවරණ කොමිසමට බලය පැවරී ඇති පසුබිමක දේශපාලන ප්‍රචාරණය පිණිස රජයේ මාධ්‍ය තමන් සතු කරගැනීමේ වාසිය ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් ක්‍රියාවට නැංවීමක් ලෙසද දේශපාලන විචාරකයෝ මෙය හඳුන්වා දෙති.

(Image – gossip99)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *