LK reports news sinhala

තෙවරප්පෙරුම රිමාන්ඩ්

නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම ඇතුළු පස්දෙනෙකු  සැප්තැම්බර් 16 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය.

අධිකරණ නියෝගයක් කඩ කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැතිවරයාට  එරෙහිව චෝදනා ගොනු කර ඇත.

කළුතර  ප්‍රදේශයේ  වතුයායක  වතු  හිමිකරුගේ  විරෝධය  නොතකා  මළ සිරුරක් වළ දැමීමට ගොස්  ඇති වූ  සිද්ධියකදී  පොලීසිය විසින් ගෙන තිබූ අධිකරණ නියෝගයක්ද නොතකා  එම සිරුර වළ දැමීම සම්බන්ධයෙන්  මොවුන්ට චෝදනා එල්ල වී තිබේ.

(Image – Colombo Gazette)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *