මාලිංග අවසන් තීරණය ගනී

ජූලි 26 වැනිදා ආරම්භ වන බංග්ලාදේශ – ශ්‍රී ලංකා පළමු එක්දින තරගයෙන් පසු එක්දින ක්‍රිකට් දිවියට සමුදෙන බව ලසිත් මාලිංග පවසයි.
ශ්‍රී ලංකාව බිහිකළ සුපිරිතම වේග පන්දු යවන්නෙක් වන ලසිත් මාලිංග තම තීරණය අද(22) සමාජ මාධ‍්‍ය හමුවේ අනාවරණය කළේය. ක්‍රිකට් ආයතනයට තමාගේ තීරණය දැනුම් දුන් බවත් තමා එළවන්නට උත්සාහ කළ අයට ස්තූතිවන්ත වන බවත් ඔහු කියා ඇත. තමා කණ්ඩායමෙන් එළවීමට තැත් කළ අයට අනුකම්පා කරන බවත් කියා සිටි මාලිංග තමාගේ අවසන් තරගය නැරඹීමට පැමිණෙන මෙන් ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලීමක්ද කළේය.

(Image – The Guardian)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *