මාලබේ – කොටුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවත්වන ලකුණු

Share this Article

මාලබේ සිට කොටුව දක්වා ඉදිකිරීමට සැළසුම් කර ඇති කණු මතින් දිවෙන දුම්රිය මාර්ගය ඉදිකිරිම පිළිබඳව සොයා බැලීමට වත්මන් රජය විසින් පත් කළ කමිටුව, එම දුම්රිය අනවශ්‍ය එකක් බවට උපදෙස් ලබාදී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා. මෙවන් කෙටි දුරක් සඳහා කණු මතින් දිවෙන්නක් අනවශ්‍ය බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ. මෙම ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය සඳහා පමණක් රුපියල් මිලියන 172ක් වැය කර ඇතැයි ද, ඩොලර් මිලියන 1000ක පමණ වංචාවක් ඇතිවන බවත් කමිටුව පෙන්වා දී තිබේ.

දුම්රිය මාර්ගය ඉදි කළ පසු දර්ශනය වන ආකාරය

කොළඹ කොටුව සිට මාලබේ දක්වා මෙම සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය ඉදිකිරිම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1850 ක ණය මුදලක් ලබාදීමට ජපාන රජය එකඟතාව පළකර තිබුණා. මාලබේ සිට කොළඹ කොටුව දක්වා ඉදිවෙන මෙම නව දුම්රිය සේවාවේ මුලික වැඩකටයුතු දැනට අවසන් කර තිබෙන අතර ඉඩම් පවරාගැනීමෙන් පසු එහි ඉදිකිරිම 2020 වසරේ ආරම්භවීමට නියමිත වුණා. කිලෝමීටර 15.8 ක දුරකින් හා නැවතුම් පොළ 16 කින් සමන්විත වන මෙම දුම්රිය සේවාව, මාලබේ සිට කොළඹ කොටුව දක්වා මිනිත්තු 30 කින් යාමට හැකි වනසේ ඉදිකිරීමට යෝජිතයි. එමෙන්ම කාර්ය බහුල වේලාවලදී සෑම මිනිත්තු 4 කට වරක් ද අනෙක් වේලාවලදී මිනිත්තු 10 කට වරක් ද නැවතුම් පොළකට දුම්රියක් පැමිණෙන ආකාරයට මෙම දුම්රිය සේවාව ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබුණා.

2020 දී ආරම්භ කර 2024 මැද භාගය වනවිට වැඩ අවසන් කිරීමට නියමිත මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතියට මූල්‍ය හා තාක්ෂණික ආධාර සැපයීම සිදුකරන්නේ ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වන ජයිකා (JICA) ආයතනයයි.

වැදගත් හා ජනාකීර්ණ ස්ථානයන් වන කොටුව, පුරහල, ජාතික රෝහල, බොරැල්ල මෙන්ම බොහෝ රාජ්‍ය ආයතන පිහිටුවා ඇති සෙත්සිරිපාය, බත්තරමුල්ල සහ මාලබේ යන ප්‍රදේශ හරහා මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමට සැළසුම් කර තිබුණා. කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙන් පසු ශ්‍රී ලංකාවේ සිදුවන විශාලතම ආයෝජනය මෙම සැහැල්ලු දුම්රිය පද්ධති පිළිබඳ ව්‍යාපෘතිය වනවා.

යෝජිත සැහැල්ලු දුම්රිය මාර්ගය

එම දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන ලෙස නම්කර තිබුණේ – කොටුව, ප්‍රවාහන මධ්‍යස්ථානය, කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය අසල, ජාතික රෝහල අසළ, බොරැල්ල, කොටා පාර, රාජගිරිය, වැලිකඩ, සෙත්සිරිපාය, බත්තරමුල්ල, පාලම් තුන, රොබට් ගුණවර්ධන මාවත, ලුම්බිණි පන්සල, තලාහේන, මාලබේ, මාලබේ තාක්ෂණ උද්‍යානය යන ස්ථානයි.


Share this Article

7 Comments

  1. Vyapruthiyak Atharamaga Navathveema Nusudusu Ve!

  2. ඔය කමිටු වලට පත්වෙන මිනිස්සු කිසි කෙනෙක් රටවල්වල ගිහිල්ලා නැද්ද දන්නෑ හැමදාම බලන්න කොළ පාට නිල් පාට කන්නාඩි දාගෙන මිසක් රටක් දියුණු වෙනවා දකින්න කිසිම උවමනාවක් නෑ අනිත් රටවල තියන ඒවා දිහා බලලා හූල්ල හූල්ලා ඉඳිමු. වාහන තදබදය අඩුවෙලා මිනිස්සු ඉක්මනින් ගමන් බිමන් යාමට ඇතිවන හැකියාව නැති කිරීම තමයි බලන්නේ මේක පටන් ගත්ත මිනිහවත් අවසන් කරන්න මිනිහවත් අපිට වැඩක් නෑ මිනිසුන්ට ඒකෙන් ලැබෙන සෙතේ විතරයි බලන්ඩ ඕන.අන්තිමේදී මේ ප්‍රොජෙක්ට් එකක් අර 1980 ඉඳලා නුවර කොළඹ පාර හදනවා වගේ එක එකාගේ කාලකන්නි අවශ්‍යතාවය ඉෂ්ට කරන්ට කරගන්න දේවල් විතරයි. මේ පාරත් නුවර පාරට කැපිල්ල දාලනෙ තියෙන්නෙ. ඌ හැබැයි කරන හැම එකාටම සහ ගහනවා

    1. It’s better to construct this railway from Reagama to panadura

  3. ඔය කමිටු වලට පත්වෙන මිනිස්සු කිසි කෙනෙක් රටවල්වල ගිහිල්ලා නැද්ද දන්නෑ හැමදාම බලන්න කොළ පාට නිල් පාට කන්නාඩි දාගෙන මිසක් රටක් දියුණු වෙනවා දකින්න කිසිම උවමනාවක් නෑ අනිත් රටවල තියන ඒවා දිහා බලලා හූල්ල හූල්ලා ඉඳිමු. වාහන තදබදය අඩුවෙලා මිනිස්සු ඉක්මනින් ගමන් බිමන් යාමට ඇතිවන හැකියාව නැති කිරීම තමයි බලන්නේ මේක පටන් ගත්ත මිනිහවත් අවසන් කරන්න මිනිහවත් අපිට වැඩක් නෑ මිනිසුන්ට ඒකෙන් ලැබෙන සෙතේ විතරයි බලන්ඩ ඕන.අන්තිමේදී මේ ප්‍රොජෙක්ට් එකක් අර 1980 ඉඳලා නුවර කොළඹ පාර හදනවා වගේ එක එකාගේ කාලකන්නි අවශ්‍යතාවය ඉෂ්ට කරන්ට කරගන්න දේවල් විතරයි. මේ පාරත් නුවර පාරට කැපිල්ල දාලනෙ තියෙන්නෙ. හැබැයි ඕව කරන හැම එකාටම සහ ගහනවා

  4. මේවා අත්‍යාවශ්‍ය සන්වර්ධන කටයුතු. ලිදේ සිටින ගෙම්බන්ට මෙවයේ අවබෝධයක් නැත.

  5. මෙය අප රටේ පාරම්පාරිකව වෙන ජරාම දෙයක්.. කළයුත්ත වන්නේ ව්‍යාපෘතියක අඩුපාඩුවක් තියේනං එය නිවැරදි කර මාර්ග තදබදය නැති කරන එකයි.. මෙයින් කරන්න යන්නේ වර්ථමාන ආණ්ඩුවේ කණ්ඩායමේ කට්ටියකට පගාව ගහගන්න මාර්ගයක් හදලා දෙන්නයි..

  6. This should have eliminate severe traffic currently public face when traveling through Pettha, Borrella, Rajagiriya, Baththaramulla and Malabe. On a Friday or when raining it takes 2 hours to travel from Pettah to Malabe ( less than 15 KM). Stupid decision to discontinue. Politicians should do what is right for people not taking stupid decisions due to party politics. Shameless ignorant short-sighted political move to make Public suffer 🙁

Leave a Reply

Your email address will not be published.