Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

මාලබේ – කොටුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවත්වන ලකුණු

මාලබේ – කොටුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවත්වන ලකුණු

මාලබේ සිට කොටුව දක්වා ඉදිකිරීමට සැළසුම් කර ඇති කණු මතින් දිවෙන දුම්රිය මාර්ගය ඉදිකිරිම පිළිබඳව සොයා බැලීමට වත්මන් රජය විසින් පත් කළ කමිටුව, එම දුම්රිය අනවශ්‍ය එකක් බවට උපදෙස් ලබාදී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා. මෙවන් කෙටි දුරක් සඳහා කණු මතින් දිවෙන්නක් අනවශ්‍ය බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ. මෙම ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය සඳහා පමණක් රුපියල් මිලියන 172ක් වැය කර ඇතැයි ද, ඩොලර් මිලියන 1000ක පමණ වංචාවක් ඇතිවන බවත් කමිටුව පෙන්වා දී තිබේ.

දුම්රිය මාර්ගය ඉදි කළ පසු දර්ශනය වන ආකාරය

කොළඹ කොටුව සිට මාලබේ දක්වා මෙම සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය ඉදිකිරිම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1850 ක ණය මුදලක් ලබාදීමට ජපාන රජය එකඟතාව පළකර තිබුණා. මාලබේ සිට කොළඹ කොටුව දක්වා ඉදිවෙන මෙම නව දුම්රිය සේවාවේ මුලික වැඩකටයුතු දැනට අවසන් කර තිබෙන අතර ඉඩම් පවරාගැනීමෙන් පසු එහි ඉදිකිරිම 2020 වසරේ ආරම්භවීමට නියමිත වුණා. කිලෝමීටර 15.8 ක දුරකින් හා නැවතුම් පොළ 16 කින් සමන්විත වන මෙම දුම්රිය සේවාව, මාලබේ සිට කොළඹ කොටුව දක්වා මිනිත්තු 30 කින් යාමට හැකි වනසේ ඉදිකිරීමට යෝජිතයි. එමෙන්ම කාර්ය බහුල වේලාවලදී සෑම මිනිත්තු 4 කට වරක් ද අනෙක් වේලාවලදී මිනිත්තු 10 කට වරක් ද නැවතුම් පොළකට දුම්රියක් පැමිණෙන ආකාරයට මෙම දුම්රිය සේවාව ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබුණා.

2020 දී ආරම්භ කර 2024 මැද භාගය වනවිට වැඩ අවසන් කිරීමට නියමිත මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතියට මූල්‍ය හා තාක්ෂණික ආධාර සැපයීම සිදුකරන්නේ ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වන ජයිකා (JICA) ආයතනයයි.

වැදගත් හා ජනාකීර්ණ ස්ථානයන් වන කොටුව, පුරහල, ජාතික රෝහල, බොරැල්ල මෙන්ම බොහෝ රාජ්‍ය ආයතන පිහිටුවා ඇති සෙත්සිරිපාය, බත්තරමුල්ල සහ මාලබේ යන ප්‍රදේශ හරහා මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමට සැළසුම් කර තිබුණා. කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙන් පසු ශ්‍රී ලංකාවේ සිදුවන විශාලතම ආයෝජනය මෙම සැහැල්ලු දුම්රිය පද්ධති පිළිබඳ ව්‍යාපෘතිය වනවා.

යෝජිත සැහැල්ලු දුම්රිය මාර්ගය

එම දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන ලෙස නම්කර තිබුණේ – කොටුව, ප්‍රවාහන මධ්‍යස්ථානය, කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය අසල, ජාතික රෝහල අසළ, බොරැල්ල, කොටා පාර, රාජගිරිය, වැලිකඩ, සෙත්සිරිපාය, බත්තරමුල්ල, පාලම් තුන, රොබට් ගුණවර්ධන මාවත, ලුම්බිණි පන්සල, තලාහේන, මාලබේ, මාලබේ තාක්ෂණ උද්‍යානය යන ස්ථානයි.

අදහස් (7)

  1. ඔය කමිටු වලට පත්වෙන මිනිස්සු කිසි කෙනෙක් රටවල්වල ගිහිල්ලා නැද්ද දන්නෑ හැමදාම බලන්න කොළ පාට නිල් පාට කන්නාඩි දාගෙන මිසක් රටක් දියුණු වෙනවා දකින්න කිසිම උවමනාවක් නෑ අනිත් රටවල තියන ඒවා දිහා බලලා හූල්ල හූල්ලා ඉඳිමු. වාහන තදබදය අඩුවෙලා මිනිස්සු ඉක්මනින් ගමන් බිමන් යාමට ඇතිවන හැකියාව නැති කිරීම තමයි බලන්නේ මේක පටන් ගත්ත මිනිහවත් අවසන් කරන්න මිනිහවත් අපිට වැඩක් නෑ මිනිසුන්ට ඒකෙන් ලැබෙන සෙතේ විතරයි බලන්ඩ ඕන.අන්තිමේදී මේ ප්‍රොජෙක්ට් එකක් අර 1980 ඉඳලා නුවර කොළඹ පාර හදනවා වගේ එක එකාගේ කාලකන්නි අවශ්‍යතාවය ඉෂ්ට කරන්ට කරගන්න දේවල් විතරයි. මේ පාරත් නුවර පාරට කැපිල්ල දාලනෙ තියෙන්නෙ. ඌ හැබැයි කරන හැම එකාටම සහ ගහනවා

  2. ඔය කමිටු වලට පත්වෙන මිනිස්සු කිසි කෙනෙක් රටවල්වල ගිහිල්ලා නැද්ද දන්නෑ හැමදාම බලන්න කොළ පාට නිල් පාට කන්නාඩි දාගෙන මිසක් රටක් දියුණු වෙනවා දකින්න කිසිම උවමනාවක් නෑ අනිත් රටවල තියන ඒවා දිහා බලලා හූල්ල හූල්ලා ඉඳිමු. වාහන තදබදය අඩුවෙලා මිනිස්සු ඉක්මනින් ගමන් බිමන් යාමට ඇතිවන හැකියාව නැති කිරීම තමයි බලන්නේ මේක පටන් ගත්ත මිනිහවත් අවසන් කරන්න මිනිහවත් අපිට වැඩක් නෑ මිනිසුන්ට ඒකෙන් ලැබෙන සෙතේ විතරයි බලන්ඩ ඕන.අන්තිමේදී මේ ප්‍රොජෙක්ට් එකක් අර 1980 ඉඳලා නුවර කොළඹ පාර හදනවා වගේ එක එකාගේ කාලකන්නි අවශ්‍යතාවය ඉෂ්ට කරන්ට කරගන්න දේවල් විතරයි. මේ පාරත් නුවර පාරට කැපිල්ල දාලනෙ තියෙන්නෙ. හැබැයි ඕව කරන හැම එකාටම සහ ගහනවා

  3. මේවා අත්‍යාවශ්‍ය සන්වර්ධන කටයුතු. ලිදේ සිටින ගෙම්බන්ට මෙවයේ අවබෝධයක් නැත.

  4. මෙය අප රටේ පාරම්පාරිකව වෙන ජරාම දෙයක්.. කළයුත්ත වන්නේ ව්‍යාපෘතියක අඩුපාඩුවක් තියේනං එය නිවැරදි කර මාර්ග තදබදය නැති කරන එකයි.. මෙයින් කරන්න යන්නේ වර්ථමාන ආණ්ඩුවේ කණ්ඩායමේ කට්ටියකට පගාව ගහගන්න මාර්ගයක් හදලා දෙන්නයි..

  5. This should have eliminate severe traffic currently public face when traveling through Pettha, Borrella, Rajagiriya, Baththaramulla and Malabe. On a Friday or when raining it takes 2 hours to travel from Pettah to Malabe ( less than 15 KM). Stupid decision to discontinue. Politicians should do what is right for people not taking stupid decisions due to party politics. Shameless ignorant short-sighted political move to make Public suffer 🙁

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *