මාරාන්තික කොරෝනා වෛරසය යුරෝපයටත් ඇතුළු වෙයි

මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ වනවිට මියගිය පිරිස 40ක් පමණ දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් වාර්තා පවසයි.

වෛරසය හේතුවෙන් වැඩිම බලපෑමක් ඇතිව ඇති චීනයේ සෞඛ්‍ය අංශ වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ, ලොව පුරා වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 830ක් බවට තහවුරුවී ඇති බවයි.

නව අවුරුදු නිවාඩු සමයේ මතුව ඇති මෙම ගැටලුව විසඳීම සඳහා නව අවුරුදු සැමරුම් රැසක් අවලංගු කිරීමට චීනය  හා හොංකොං රාජ්‍ය කටයුතු කර තිබුණි. මේ අතර නව කොරෝනා වෛරස ආසාදිතයෙක් සිංගප්පූරුවෙන්ද නවතම වාර්තා අනුව ප්‍රංශයෙන් තිදෙනෙක්ද හමුව තිබේ. ඒ අනුව අමරිකාව, චීනය, කොරියාව, හොංකොං ඇතුළු රටවල පැතිර තිබූ කොරෝනා වෛරසය මේ වනවිට යුරෝපයටද තර්ජනයක් වී තිබේ.

මෙවර නිවාඩු සමයේදීත් චීනයේ හුබෙයි ප්‍රාන්තය වෙත සංචාරය කිරීමට සංචාරකයන් රැසක් ටිකට් පත් වෙන්කරවාගත්තත්, මේ වනවිට චීනය පුරා ශීග්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින නව කොරෝනා වෛරස් ආසාදනය හේතුවෙන් වඩාත් ආරක්ෂිත පියවර ගැනීමට බලධාරීන්ට සිදුව තිබේ. මේ අතර නව අවුරුදු උදාව වෙනුවෙන් පැවැත්වීමට සූදානම් කළ සියලු සංදර්ශන ආදිය අවලංගු කිරීමට ෂැන්හයි හා හොංකොං පරිපාලනය කටයුතු කළේය.

මේ වනවිට විශාල ලෙස මහජන ඒකරාශීවීම් මගින් රෝගය ශ්‍රීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම පාලනය කිරීමට ජනයා එකතු වන වැඩසටහන් නවතා තිබේ.

හුබෙයි ප්‍රාන්තයේ ප්‍රධාන නගරයක් වන වුහාන් නගරය නව කොරෝනා වෛරස ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වූ නගරයයි. මේ කරුණු සලකා ඒ වෙත සහ ඉන් පිටතට පවතින සියලු ගමනාගමන මාර්ග තාවකාලිකව මුළුමනින්ම වසා දැමීමට රජය කටයුතු කර තිබුණි.

2019- nCoV යනුවෙන් විද්‍යාඥයන් විසින් නම් කර ඇති නව කොරෝනා වෛරසය සතුන් අතර බහුලව තිබුණු වෛරසයක් බව විද්‍යාඥයින් විසින් සොයාගනු ලැබ ඇත. මෙය විශේෂයෙන්ම වවුල් සුප් හා සර්පයින් ආහාරයට ගන්නා චීන වැසියන් හේතුවෙන් පැතිර ගිය බව තහවුරු කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සනාථ කරයි.

Leave a Reply

Your email address will not be published.