LK reports news sinhala

මාර්තු 2 පාර්ලිමේන්තුව විසුරුවන්නේ ආණ්ඩුවට ඇති ජනතා අප්‍රසාදය නිසා – අනුර

නිවැරදි ක්‍රමය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු කාල වකවානුව ලබන සැප්තැම්බර් 02 වනදා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. මාර්තු 02 වනදා සිදුවන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලය ජනාධිපතිවරයා අතට පත්වීම පමණක් බවයි අනුර කුමාර දිසානායක මහතා පෙදන්නේ. ඔහු මේ බව පැවසුවේ ඊයේ (20) පොළොන්නරුවේ පැවති උත්සවයකට එක්වෙමින්.

ජනාධිපතිවරණයෙන් පසුව බලයට පත්වු නව ආණ්ඩුව ක්‍රමයෙන් ජනතා අප්‍රසාදයට ලක්වීම හේතුවෙන් මාර්තු 02 වනදායි පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට සුදානම් බවයි අනුර දිසානායක මහතා සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *