මාතලේ නාවුල, නාලන්ද ප්‍රදේශයේදී බස්රථ දෙකක් ගැටීමෙන් අද (21) උදෑසන සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකුට ආසන්න පිරිසක්ප තුවාල ලබා රෝහල් ගත කෙරුනා. අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තුවාලකරුවන් හත්දෙනෙකු මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යවා ඇති බවටයි වාර්තා වන්නේ. දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ සිට ශ්‍රී පාද වන්දනා චාරිකාවක් සඳහා යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් හා මහනුවර සිට මඩකලපුව යමින් තිබු බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
ඡායාරූප Accident 1st ඇසුරෙන්